රටම එකට ජාතික මෙහෙයුමෙන් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 974ක් – 802ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක වන ‘රටම එකට ජාතික මෙහෙයුම මින් පෙබරවාරී 04 වැනිදා විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 794ක් සිදුකර සැකකරුවන් 802 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

මෙම වැටලීම් අතර හොරොයින් සම්බන්ධ වැටලීම් 277ක්, අයිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වැටලීම් 280ක්, ගංජා පැළ වැටලීම් 171ක්, කුෂ්, හෂීස්, මත්පෙති, මදනමෝදක සහ මාවා සම්බන්ධ වැටලීම් 65ක් සහ කොකේන් සම්බන්ධ එක් වැටලීමක් කර ඇත.

මේ වැටලීම් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් වලින් සැකකරුවන් 16 දෙනකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 06 දෙනකු පුනරුත්ථාපනයට යොමු කර ඇත.

මේ අතර එක් සැකකරුවෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් උපයා ගැනීම සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website