රංගන ශිල්පී හේමාල් රණසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරී

අද (03) පෙරවරුවේ වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද රංගන ශිල්පී හේමාල් රණසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, සිනමා විචාරකයෙකුට මරණීය තර්ජනය කරමින් සාපරාධී බිය ගැන්වීමක් කිරීම සහ පහරදීමක් සම්බන්ධයෙනි.

පසුගිය ජනවාරි මස 8 වන දා හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී හේමාල් රණසිංහ පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ලබාගෙන විමර්ශන අවසන් කර ඇතැයි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් වැල්ලවත්ත පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website