යාපනය ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහා නතර කිරීමට නියෝගයක්

යාපනයේ ඉදිවන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු තාවකාලිකව නවතා දමන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනුම් දී ඇතැයි බීබීසී වාර්තාව දැක්වේ.

ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය පරිසර බලපෑම් අගැයීම් ලබා දී ඊට අනුමැතිය ලබා දෙන තෙක් දැනට ආරම්භ කර ඇති වැඩකටයුතු නවතා දමන ලෙස දැනුම් දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් බීබීසි සිංහල සේවය වෙත ප්‍රකාශ කර ඇත.

ඉදිකිරීම් සඳහා අවශ්‍ය පාරිසරික අනුමැතිය මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගෙන නොමැති වීම හේතුවෙන් අදාළ ඉදිකිරීම් කටයුතු නවතා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සැකසීමට අවශ්‍ය උපදෙස් මීට දින කිහිපයකට ඉහතදී ලබා දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

යාපනය, මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් 2025 වසරේ සැප්තැම්බර් 01 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website