යතුරුපැදියේ යන ගමන් ආයුධයකින් පහර දී මෝටර් රථ හතරකට අලාභ හානි කළ යතුරුපැදිකරු අත්අඩංගුවට

යතුරුපැදිකරුවෙකු විසින් ඔහු අත තිබූ ආයුධයක් වැනි උපකරණයක් භාවිතයෙන්  කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයකට පහර දෙන ආකාරය නිරීක්ෂණය වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

සිද්ධිය ඊයේ (12) සවස සිදුවූවක් වන අතර වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකාර යතුරුපැදිකරු හඹායමින් සුළු කාල සීමාවක් අතරතුර අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් වාහන 04කට අලාභ හානි සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇත.  29 හැවිරිදි වියේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස අනන්‍යතාවය හඳුනාගෙන ඇති මෙම සැකකරු අද (13) අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන වැලිකඩ පොලිස් ස්ථානය විසින් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website