දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පොලොන්නරුව මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 41 කණුව ආසන්නයේදී ඊයේ (04) දින රාත්රී පොලොන්නරුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 23 ක් වූ සිරිපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි. දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















