මෙරට වැඩිහිටි ජනගහනයෙන් 30%ක මානසික ගැටලු

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60-65 අතර වැඩිහිටි ජනගහනයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය හෙළි කළාය.

‘මානසික සංවර්ධනය තුළින් ජීවිත පරිවර්තනය’ නම් වැඩසටහනේ දී දේශනයක් කරමින් ඇය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉතා ඉක්මනින් වර්ධනය වන බවත්, ඒ අනුව වැඩිහිටියන් මුහුණ දෙන මෙම මානසික ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සමාජය තුළ දැනුවත්භාවය අවම වීම හේතුවෙන් ගැටලු රැසක් ඇතිව තිබෙන බව ද ඩයස් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “ඇතැම් විට වයස්ගත වීමේ දී ඇති වන යම් යම් මානසික රෝග ලක්ෂණ පිළිබඳ මිත්‍යා මත පදනම්ව තීරණ ගැනීමට සමාජය පෙළඹී සිටිනවා. එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකමින් අමතක වීම හා විෂාදය වැනි රෝග ලක්ෂණ නොසලකා හැරීමට වැඩිහිටියන් පෙළඹී සිටිනවා. මෙලෙස මානසික ගැටලු වැඩිහිටි ජනතාව අතර වැඩි වශයෙන් පැවතීම තුළින් ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවයට බලපෑම් එල්ල වී තිබෙන අතර ඒ තුළින් ශාරීරික සංකූලතාවයන් ඉහළ ගොස් තිබෙනවා”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website