මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට චීනයේ සහාය

චීන – ශ්‍රී ලංකා  කෘෂිකර්ම ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවබෝධතා  ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැත්විණි.

චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩසටහනක් ලෙස මෙරට කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ගැටලු විසඳමින් ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත පාරිසරික ගැටලු විසදා ගැනීමට චීනයේ තාක්ෂණය සහ මෙවලම් භාවිත කළ හැකි ආකාරයත්, වන සතුන්ගෙන් වගාවට සිදුවන  හානි අවම කර ගැනීම හා බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් චීනයෙන් ලබාගත හැකි සහාය පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  විශ්වජිත් කන්දේගම, චීනයේ Guizhou විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Zhang Guozhu, Hubei පළාතේ  වාණිජ හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ Cao Xuan, Wei Ping යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website