මෙට්‍රික් ටොන් 3,900ක LP ගෑස් නෞකාවක් අද දිවයිනට – නව සිලින්ඩර 40,000ක් ළඟදීම

LP ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් අද (25) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි.

පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා සමාගම දැනට දිනකට LP ගෑස් සිලින්ඩර 150,000ක් වෙළඳපොළට නිකුත් කරන බව ද සභාපතිවරයා පැවසුවේය.ෙ

මෑතකදී වෙළඳපොළේ ඇති වූ ලාෆ්ස් ගෑස් හිඟය හේතුවෙන් බලපෑමට ලක් වූ සංචාරක හෝටල් සහ කර්මාන්ත සඳහා LP ගෑස් සැපයීමට ඊයේ සිට පියවර ගත් බව සඳහන් කළ ඔහු දේශීය LP ගෑස් අවශ්‍යතා බාධාවකින් තොරව සපුරාලීම සඳහා පියවර ගන්නා බවට සහතික විය.

මාර්තු  මාසය සඳහා LP ගෑස් තොගයක් ඇණවුම් කර ඇති බවත් සමාගම විසින් ඇණවුම් කරන ලද නව LP ගෑස් සිලින්ඩර 40,000ක් පමණ ලබන මස 12 වන දින වන විට ලැබීමට නියමිත බවත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website