මුදල් විශුද්ධිකරණය චෝදනාවලින් යෝෂිතගේ මිත්තණිය ඩේසි ෆොරස්ට් නිදහස්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේ ය.

“විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවා ද?” යන කරුණ පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙතින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගෙන විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ ය.

එම වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට වෛද්‍යවරුන් නිර්දේශ නිකුත් කර ඇති බවට එහි සඳහන් විය.

අනතුරුව කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට්ට එරෙහිව තිබූ අධිචෝදනාවලින් ඇය නිදහස් කරන ලෙස නියෝග කළේ ය.

ඒ අනුව, නඩුවේ පළමු විත්තිකරු වන යෝෂිත රාජපක්ෂට පමණක් සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ගොනු කරමින් ඔහුට එරෙහිව නඩුව පවරා පවත්වාගෙන යාමට කටයුතු කරව බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website