මියන්මාරයෙන් ආපදා ආධාර තොගයක් ශ්‍රී ලංකාවට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් මියන්මාරයේ සිට ආධාර රැගත් එරට හමුදාවේ ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබේ.

මියන්මාර රජයේ දූත පිරිසක් සමග  (දෙසැම්බර් 06) රාත්‍රියේ මෙම ගුවන් යානය පැමිණ ඇත.

මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනී මාර්ලා තාන් ටයික් මහත්මිය ඇතුළු මියන්මාර රජයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website