මැදපෙර අර්බුදය හමුවේ රටේ පවතින තත්ත්වය අධ්‍යනය කර ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා කමිටු හතරක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.
අද (16) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව,
- බලශක්ති කටයුතු සම්බන්ධ කමිටුව අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන්ද ,
- අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සම්බන්ධ කමිටුව අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ද,
- සමාජ සුබසාධන කටයුතු සම්බන්ධ කමිටුව අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ද,
- රාජ්‍ය සේවාවන් පිළිබඳ කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ද,
ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
රට තුළ පවතින තත්ත්වය අධ්‍යයනය කරමින් ඉදිරි කටයුතු සැලසුම් කිරීම මෙම කමිටු මගින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
















