මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමේ යාන්ත්‍රණයක් ගැන සැලසුම්

අනාගතයේදී මැදපෙරදිග කලාපයේ ඉහළ අවදානම් තත්වයක් ඇති වුවහොත්, එම කලාපයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මැදපෙරදිග සහ ගල්ෆ් කලාපවල පිහිටා ඇති සියලුම ශ්‍රී ලාංකික තානාපති කාර්යාල සමඟ සහයෝගයෙන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වී ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

හදිසි අවස්ථාවකදී කඩිනම් ප්‍රතිචාර දැක්වීමට සහ ශ්‍රී ලාංකික සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට සියලුම තානාපති කාර්යාල සහ විදේශ රැකියා කාර්යාංශය සූදානම් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website