
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගුවන් සේවා අංශයට සිදු වූ පාඩුව මෙතක් ගණනය කර නොමැති වුව ද ගුවන් ගමන් මෙහෙයුම් අඩුවීම හේතුවෙන් ගුවන් සේවා අංශයේ ආදායම පහත වැටී ඇති බව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පැවසුවේය.
මැදපෙරදිග යුද්ධයේ මුල් දිනවල ගුවන් ගමන් මෙහෙයුම්වල 60%ක පමණ අඩුවීමක් සහ මෑත සතිවල අඛණ්ඩව 30% ක පහත වැටීමක් වාර්තා වූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළි කළේය.
“මෑත සතිවලදී ගුවන් ගමන් මෙහෙයුම් 60% කින් පමණ පහත වැටීම නිසා ගුවන් තොටුපළවලින් ලැබෙන ආදායම යම් දුරකට අඩු වී තිබෙනවා. වර්තමානයේ පවා ගුවන් ගමන්වල 30% ක අඩුවීමක් දක්නට ලැබෙනවා. අපි තවමත් සම්පූර්ණ ගණනය කිරීම් සිදු කර නැහැ, නමුත් ගුවන් සේවා ආදායම පහත වැටී තිබෙනවා ”ඔහු පැවසීය.
කෙසේ වෙතත් මැදපෙරදිග යුද ගැටුම අවසන් වුවහොත් ඉදිරි දිනවලදී තත්ත්වය ස්ථාවර වනු ඇතැයි ඔහු ශුභවාදී අදහස් පළ කළේය.
ගුවන් ගමන් වලට ඇති වූ බාධාව හේතුවෙන් සංචාරක අංශයට දැඩි ලෙස බලපා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර, ගැටුම අවසන් වූ පසු, හැකි ඉක්මනින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ ගුවන් සේවා අංශය පුනර්ජීවනය කිරීම කෙරෙහි බලධාරීන් අවධානය යොමු කිරීමට අදහස් කරන බව පැවසීය.















