මැදපෙරදිග කලාපයේ උද්ගතව පවතින යුධ වාතාවරණ හමුවේ පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ක්ෂණික දුරකථන සේවාවක් සහ අංකයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව 0094 742595546 දුරකතන අංකය සහ 1989 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට තම ගැටලු ඉදිරිපත් කළ හැකි බව විදේශ අමාත්‍යාංශය පවසයි.
මේ අතර ඊයේ (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මැදපෙරදිග කලාපයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන නමුත් ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවයි.









