ඉරානය මැදපෙරදිග ඇළුමිනියම් කර්මාන්ත ශාලා වනසයි – ඇළුමිනියම් මිල වාර්තා ගත ලෙස ඉහළට

මැදපෙරදිග ප්‍රධාන ඇළුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලා දෙකකට පසුගිය සති අන්තයේ ඉරානය ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇලුමිනියම් මිල වසර හතරකට පසු ඉහළම මට්ටමට ළා වූ බව රොයිටර් වාර්තාවක සහන් වේ.

ලන්ඩන් ලෝහ හුවමාරුවේ Benchmark aluminium මිල 4.7% කින් ඉහළ ගොස් තිබේ.

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය සහ එහි ප්‍රතිඵලයක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් දැනටමත් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ අපනයන වෙළඳපොළවලට ඇලුමිනියම් නැව්ගත කිරීම සීමා කර ඇත.

ලොව විශාලතම ඇලුමිනියම් කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යන Aluminium Bahrain සමාගම, ඉරාන ප්‍රහාරවලින් සිදු වූ හානිය තක්සේරු කරමින් සිටින බව පැවසීය. මේ අතර, Emirates Global Aluminium සමාගම පැවසුවේ තම කර්මාන්ත ශාලාවට “සැලකිය යුතු හානියක්” සිදුවී ඇති බවයි.

“මැදපෙරදිග ඇලුමිනියම් කම්හල්වලට එල්ල කරන ඉරාන ප්‍රහාර වාර්තාගත මිල ගණන් ඇතිවීමේ අපේක්ෂාව ඉහළ නංවයි. වෙනත් තැන්වල නිෂ්පාදනයට ඇති සීමාවන් ගෝලීය සැපයුම ඛාදනය කර ඇති අතර ගැටුමේ බලපෑම වැඩි වෙමින් පවතී.” Britannia Global Markets පැවසීය.

ඇලුමිනියම් නිෂ්පාදනයේ ප්‍රමුඛතම නිෂ්පාදකයෙකු වන රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු 2022 මාර්තු මාසයේදී ඇලුමිනියම් මිල ටොන් එකකට වාර්තාගත ඩොලර් 4,073.50ක් විය.

LME අනුමත ගබඩාවල ඇලුමිනියම් තොග පසුගිය මැයි මාසයේ සිට ටොන් 418,675 දක්වා 60% කට වඩා පහත වැටී ඇත.

දැඩි හිඟයන් පිළිබඳ කනස්සල්ල නිසා මාස තුනක කොන්ත්‍රාත්තුව ඇළුමිනියම් සඳහා වාරිකය ටොන් එකකට ඩොලර් 60කට වඩා වැඩි වී ඇති අතර එය 2007න් පසු ඉහළම අගය වාර්තා කළේය.

තඹ මිල 0.3%කින් ඉහළ ගොස් ටොන් එකකට ඩොලර් 12,231 ක් ද, සින්ක් මිල 1.7%කින් ඉහළ ගොස් ඩොලර් 3,168ක් ද, ඊයම් මිල 0.6%කින් ඉහළ ගොස් ඩොලර් 1,909 ක් ද, ටින් මිල 1.5% කින් ඉහළ ගොස් ඩොලර් 46,495 ක් ද වූ අතර නිකල් මිල 0.5% කින් ඉහළ ගොස් ඩොලර් 17,270 ක් විය.

මූලාශ්‍රය: රොයිටර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website