රුපියල් 88,050,000 ක් ( රුපියල් අටකෝටි අසූ ලක්ෂ පනස් දහසක් ) වටිනා මැණික් ගල් 09 ක් ලබාගෙන වටිනාකම වශයෙන් රුපියල් 64,600,000 ක අගුරු චෙක්පතක් ලබාදී මුදල් වංචාවක් සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු වයස අවුරුදු 29 ක් වන කොල්ලුපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තවදුරටක් විමර්ශන ක්රියාත්මතයි.












