මාර්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නැහැ

මාර්තු මාසය සඳහා දේශීය ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1,482 කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 ක් බව ලිට්‍රෝ සමාගම ද ප්‍රකාශ කළේය.

මේ අතර, මාර්තු මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 38,000 ක් ඇණවුම් කර ඇති බවත් මේ වන විට ගෑස් මෙට්‍රික් ටොන් 7,800 ක් රටට පැමිණ තිබෙන බවත් සමාගම පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website