මාර්ග නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලිසියෙන් WhatsApp අංකයක්

අද සිට ආරම්භ වන අලුත් අවුරුදු සමය තුළ රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් රථවාහන කළමනාකරණ සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා අවධාරණය කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මාර්ග නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් මහජනතාවට වාර්තා කිරීම සඳහා විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දී ඇති බවයි.

070 4755600 WhatsApp අංකය හරහා අදාළ තොරතුරු වාර්තා කළ හැකි බව කී සේනාධීර මහතා අදාළ තොරතුරු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බවට මහජනතාවට සහතික වුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website