මාර්ග නීති උල්ලංඝනය කරමින් අවදානම් සහගත ලෙස රිය පැදවූ ජීප් රථ රියදුරු කොටුවෙයි

පසුගිය දින සමාජ මාධ්‍ය ජාලයන්හි සංසරණය වූ, මාර්ග සංඥා සහ මාර්ග නීති උල්ලංඝනය කරමින් අතිශය අන්තරාදායක ලෙස ධාවනය වූ ජීප් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට කොට්ටාව පොලිසිය සමත්ව තිබේ.

අදාළ ජීප් රථය පොදු මාර්ගයේ අනෙක් වාහන හා පදිකයන්ගේ ජීවිත අවදානමට ලක් කරමින්, මාර්ග නීති නොතකා ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ පොලිස් විමර්ශන ආරම්භ විය.

ලැබුණු තොරතුරු හා දර්ශන ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු, අදාළ ජීප් රථය සොයා ගැනීමට පොලිසියට හැකි විය.

සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව වලංගු රියදුරු බලපත්‍රයක් පවා නොමැති බව අනාවරණය වී ඇති අතර, බලපත්‍රයක් නොමැතිව මෙලෙස අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතය.

“මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙවැනි අපරික්ෂාකාරී රියදුරන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනේ

සැකකරු 2026.03.27 වන අද දින ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පිලියන්දල පොලිසිය ඉදිරි විමර්ශන මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website