මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක්

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක් සකස් කර ඇති අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය චක්‍රලේඛ විධිවිධානයක් නිකුත් කිරීමට පියවර ගන්නා ජනාධිපති මාධ්‍ය අංශය අද (02) නිකුත් කළ නිවේදනයක සහන් වේ.

රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (01) රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක් සකස් කර ඇති අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් එය ක්‍රියාත්මක කිරීමටත් ඒ අනුව 2026 අප්‍රේල් 20 වන දිනට පෙර මාර්ගෝපදේශයට අනුව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ විධිවිධාන නිකුත් කිරීමට සහ අප්‍රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමටත්, ස්වාධීන කොමිෂන් සභාද මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි. තව ද, දෛනික බලශක්ති පරිභෝජනය, සංචිත ප්‍රමාණය, රාජ්‍ය සේවක පැමිණීම ආදිය Dashboard එකක් ඔස්සේ ප්‍රදර්ශනය කරමින් අදාළ කටයුතු අධීක්ෂණය කිරීමට සහ තීරණ ගැනීමටද මෙහිදී අවධානය යොමු විය”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website