මාකුඹුර බස් පර්යන්තය සහකාර කළමණාකරුගෙන් විශේෂ දැනුම් දීමක්

සිංහල සහ හින්දු අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයෙන් මේ වනවිට අතිරේක බස්රථ සේවා යොදවා ඇතැයි මාකුඹුර බස් පර්යන්තය සහකාර කළමණාකරු ඩී.එම්. වෙත්තසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා ගමනගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය එක්ව මෙම විශේෂ ප්‍රවාහන සේවය සැපයීම සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.

අප්‍රේල් 13වනදා දක්වා සෑම දිනකම අලුයම 5 සිට රාත්‍රී 10 දක්වා ප්‍රවාහන සේවය සැපයීම සිදුකරන බව වෙත්තසිංහ මහතා පැවසුවේය.

මාකුඹුර පර්යන්තයට පැමිණීමට පෙර ‘0112-034474’ යන දුරකථන අංකයට අමතා බස් ධාවන කාලසටහන දැනගැනීමට ද අවස්ථාව සලසා දී ඇති බව හෙළි කළ වෙත්තසිංහ මහතා හැකිතාක් කල්වෙලා ඇතිව පැමිණ සේවාව සලසා ගන්නා ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටී.

රාත්‍රී කාලයේදී බස් ධාවන කටයුතු සිදුවන්නේ කොළඹින් පිටත් වූ බස් රථ නැවත පැමිණීමෙන් පසුව හෙයින් එම අතරතුර යම් ප්‍රමාදයන් ඇති විය හැකි හෙයින්, මගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම වෙනුවෙන් කල්වෙලා ඇතුව පැමිණෙන ලෙස ඔහු මඟීන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website