මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

2023.10.25 දින ගලේවෙල ගොවිපොලක පිහිටි වෙළෙඳසැලක රාත්‍රී මුරකරු ලෙස සේවය කල පුද්ගලයෙකු ඝාතනය කර එකී වෙළෙඳසැල බිඳ රුපියල් 90,697/- ක් වටිනා දේපල සොරකම් කිරීමේ අපරාධ සම්බන්ධයෙන් ගලේවෙල පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඉහත අපරාධයේ දෙවන සැකකරු ඊයේ (27) බඩල්ගම, ජම්බුගස්වත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 33 ක් වන පහත්ගම, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (28) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website