මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජා ඇල පොලිස් වසමේදී අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටි බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (05 රාත්‍රියේ වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 75ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ කොකේන් ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 21 හා 39 වයස්වල පසු වන ගම්පහ සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website