සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිලදීගෙන ඇතැයි සැලකෙන රුපියල් කෝටි 03 ක් පමණ වටිනාකමින් යුත් දේපල ක්‍රියා විරහිත කරයි.
විදෙස්ගතව සිටියදී පසුගිය දා මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් ඔහුගේ දියණියගේ නමින් මිලදී ගෙන ඇති බවට සැලකෙන දේපලක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව සිදුකරන ලද විමර්ශනයේදී මෙම සංවිධානාත්මක අපරාධකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇතැයි සැලකෙන පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහිත රුපියල් කෝටි 03 ක් පමණ වටිනා ඉඩමක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව 2026.03.05 දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.








