මගී බස් රථයක ඉදිරිපසින් ගමන් කළ කාන්තාවක් එම බස් රථයට යට වී මරුට

කොළඹ නුවර මාර්ගයේ කලගෙඩිහේන බස් නැවතුම්පළ අසළ නැවතූ මගී බස් රථයක ඉදිරිපසින් ගමන් කළ කාන්තාවක් ඊයේ (13) එම බස් රථයේ වම්පස ගැටී, යටවී තුවාල ලබා මිය ගොස් ඇත.

බස් රථය කොළඹ දෙස සිට නිට්ටඹුව දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර කාන්තාව බස් රථය නැවත ධාවනය අරඹන අවස්ථාවේ මාර්ගයේ දකුණු පස සිට වම් පසට පැමිණීමේදී අනතුර සිදුව ති‌බේ. මරණකාරිය වයස අවුරුදු 62 ක් වන කලගෙඩිහේන, කීනගහලන්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි.

බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. අනතුර සම්බන්ධව නිට්ටඹුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website