බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී දිවයිනට

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය  ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සඳහා අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු සමඟ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීවරුන් හත් දෙනෙකුද දූත පිරිසක් ලෙස පැමිණ සිටියහ. ඔවුන් අද උදෑසන 9.11ට දෝහා සිට Qatar Airways හි QR-664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට ළඟා වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website