බස් රථයක් හා මෝටර් රථයක් මුහුණ මුහුණ ගැටී සිවු දෙනෙක් මරුට

අද (12) සවස පරන්තන්-මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමෝටෙයි ප්‍රදේශයේදී බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

අනතුරින් මෝටර් රථයේ රියැදුරු හා එහි ගමන්කළ පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු බරපතළ තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලේ රියැදුරු හා පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 32, 34 හා 46 වයස්වල පුද්ගලයින් සිව්දෙනෙක් මෙසේ මිය ගොස් ඇති අතර මෘත ශරීර කිළිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව  කිළිනොච්චිය පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website