බස් ගාස්තු බැංකු කාඩ්මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාතට හඳුන්වා දෙයි

බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියට සමගාමීව දකුණු පළාතේ බස් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනේ පියවරක් ලෙස දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරය යටතේ ඇති සියලුම බස් සංගම් නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ගාල්ලේදී පැවැත්විණි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකත්වය යටතේ ප්‍රවාහන , මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

එහිදී බස් හිමියන් ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් පැහැදිළි කිරීම මෙන්ම බැංකු කාඩ්පත් මගින් ගාස්තු ගෙවීමේ වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. ඒ අනුව දකුණු පළාතේ සියලුම බස් මාර්ගයන්ට මෙම සේවාව ව්‍යාප්ත කිරීමට එකඟතාවය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website