බල්තසාර් පුරපති ලෙස වැඩ බාර ගනියි

කොළඹ නගරය ලෝකයේ දියුණුතම නගරයක් බවට පත්කිරීම සඳහා පාට පක්ෂ භේදයක් නැතිව සියලුම සභිකයින්ගේ සාමුහිකත්වය බලාපොරොත්තු වන බව කොළඹ පුරපති ධූරයෙහි වැඩ බාර ගනිමින් බල්තසාර් මහත්මිය පැවසුවාය.
ලංකාවේ ධනවත්ම නගරය කොළඹ වුවද…. යම් අඳුරු පැතිකඩයන් ඒ ධනවත් පෙනුම වසාගෙන ඇතැයි
මාධ්ය අමතමින් පැවසූ නව පුරපතිනිය, අක්රමවත් ව්යාපෘති හේතුවෙන් ඇතිව තිබෙන විශාල ගැටලු රැසක් සඳහා විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව ද සිය කතාව අවසානයේ පැවසුවාය.

M. D. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website