බලශක්තිය පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 18 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර මෙහිදී බලශක්ති ක්ෂේත්රයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු විය.
මේ අනුව විදුලි ඉල්ලුම කළමනාකරණය (DSM), කෙරවලපිටිය බලාගාරයේ වර්තමාන ප්රගතිය, LTL හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම සහ ලංකා විදුලි (පුද්) සමාගමේ අනාගත පැවැත්ම සඳහා සැලසුම්, සූරිය බල සංග්රාමය වැඩසටහන සහ බලශක්ති ප්රභවයක් ලෙස හයිඩ්රජන් ප්රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම අනු කාරක සභාවේ අවධානය යොමු වුණි.
මෙම අනු කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යතු යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනු කාරක සභාවක් ලෙස රැස්වේ.














