ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (24) දුරකථන සංවාදයක් පැවැත්වූ අතර එහිදී ඔවුන් මැදපෙරදිග වර්ධනය වන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර ගෝලීය බලශක්ති ආරක්ෂාවට බලපාන බාධාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ.
X හි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ සටහන් කළේය, (දළ සිංහල පරිවර්තනයකි) “ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කතා කළ අතර බටහිර ආසියාවේ විකාශනය වන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර, විශේෂයෙන් ගෝලීය බලශක්ති ආරක්ෂාවට බලපාන බාධාවන් කෙරෙහි අවධානය යොමු කළෙමු. ඉන්දියා-ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ප්‍රධාන මුලපිරීම්වල ප්‍රගතිය අපි සමාලෝචනය කළෙමු. සමීප සහ විශ්වාසදායක හවුල්කරුවන් ලෙස, බෙදාගත් අභියෝගවලට මුහුණ දීමේදී සමීපව එක්ව කටයුතු කිරීමට අපගේ කැපවීම අපි නැවත තහවුරු කළෙමු”















