පොලිසියට නීතිඥවරුන් 100ක් බඳවා ගැනීම අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි

2026.02.20 වන දිනැති රජයේ ගැසට් පත්‍ර අංක 2477 පරිදි ශ්‍රී ලංකා පොලිසියේ උපසේවා සහකාර පොලිස් අධිකාරි තනතුරට (නීති නිලධාරීන්) නීතිඥවරුන් 100ක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026.04.20 දින දක්වා දිර්ඝ කර ඇත.

(මෙම දිර්ඝ කිරීම 2026.03.27 දිනැති රජයේ ගැසට් පත්‍ර අංක 2482 ද පළ කර ඇත.)

අයදුම්කරුවන් අයදුම්පත සම්පූර්ණ කර අධ්‍යක්ෂ, පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය, අංක 375, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත, කොළඹ 06 ලිපිනයට තැපැල් මඟින් 2026.04.20 වන දිනට පෙර යොමු කළ යුතුය.

අයදුම්පත් යොමු කිරීමේදී යම් ගැටලුවක් වෙතොත් පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ පහත සඳහන් දුරකථන අංක මඟින් වැඩිදුර විස්තර දැන ගැනීමේ හැකියාව සලසා ඇත.

දුරකථන අංක :-

ස්ථානාධිපති / පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය:- 071  – 8591925 / 011  – 2505202 / 011 – 2552953

ශ්‍රී ලංකා පොලිසියේ නීතිමය පදනම ශක්තිමත් කිරීමට උත්තරීතර පොලිස් සේවාවට එක් වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website