පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාවක් සහ පුරුෂයෙක් අත්අඩංගුවට

ගිරිඋල්ල පාලම අසලින් පොලිස් අණ නොතකා ධාවනය වූ කාර් රථයක් ලුහුබැඳ ගොස් නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් සහ පුරුෂයෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන ඇත.

ගිරිඋල්ල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු විසින් ලුහුබැඳීම සිදුකර ඇති අතර කාර් රථය නැවැත්වීම අණ කර ඇත්තේ අපරීක්ෂාකාරී රිය ධාවනය නිසාවෙනි.

රථය සොයා ගත් පසු වරද කියා දී රියදුරු බලපත්‍රය භාරයට ගෙන තාවකාලික රිය බලපත්‍රයක් නිකුත් කිරීම ක්‍රියා කිරීමේ දී කාර් රථයේ හිමිකාරිය බව කියමින් කාන්තාවක් පුර්ෂයෙකු සමඟ පැමිණ සැරයන්වරයා හට බැණ වැදී රාජකාරියට බාධාවන අයුරින් හැසිරී‍ තිබේ.

කාර් රථය රැගෙන පළා යාමට තැත් කිරීමේ දී සැරයන්වරයා විසින් ගිරිඋල්ල පොලිස් ස්ථානය දැනුවත් කර ඇති අතර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වහා පැමිණ සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 59ක් වන ගිරිඋල්ල නව නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකාරිය වයස අවුරුදු 58 ක් වන එම ලිපිනයේම පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website