පොලිස් බාලදක්ෂ අංශයක් ස්ථාපිත කිරීමට විශේෂ සාකච්ඡාවක්

ළමා පරපුර නිසි පෞරෂයකින් හෙබි විනයානකූල පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීම සඳහා 1972 ජූලි මස 04 වන දින ස්ථාපිත කළ පොලිස් ශිෂ්‍යභට සේවය මේ දක්වා මෙරට පාසල් පද්ධතිය තුළ අතිශය ජනාදරයට පාත්‍ර වෙමින් ක්‍රියාත්මක වේ.

මෙරට ළමුන්ගේ ක්‍රියාශ්‍රීලිබව, යහපත් ආකල්ප මෙන්ම නිර්මාණාත්මකබව සමබර ලෙස ඉහළ නැංවීමට හැකියාව ලැබෙන එවැනි තවත් ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කළ ශ්‍රී ලංකා පොලිසිය ඊයේ (06) සවස පොලිස් මූලස්ථානයේදී පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් බාලදක්ෂ අංශයක් ස්ථාපිත කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා, ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, සහයක සේවා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා, පුහුණු හා උසස් පුහුණු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ සම්පත් කුමාර ලියනගේ මහතා සමඟ පොලිස් බාලදක්ෂ සේවාව ඇරඹීමට හා පවත්වාගෙන යාමට අවශ්‍ය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාතච්ඡාව සඳහා සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website