පොලිස් නිලධාරීන් සඳහා උසස්වීම්වලින් සියයට 50ක් දැනටමත් ලබා දී ඇති බවත් ඉතිරි සියයට 50 උසස්වීම් මේ මාසයේ ආරම්භ කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
පොලිස් නිලධාරීන්ට සහනාධාර මිලකට විදුලි යතුරුපැදි ලබා දීමට පියවර ගන්නා බව ඔහු තවදුරටත් සඳහන් කළේය.














