අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ කරන ලද ප්‍රකාශනය ඇතුළත් යෝජනා සම්මතය පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරු 1.30 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව වෙනත් දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.
තව ද 2026.01.28 දිනැති අංක 2473/13 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය ද පෙබරවාරි 6 වැනි සිකුරාදා ප.ව. 5.30 ට විවාදයකින් තොරව අනුමත කර ගැනීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත.










