පෘථිවියෙන් හමුවූ විශාලම අඟහරු පාෂාණය ජූලි 16 වැනිදා වෙන්දේසියේ

පෘථිවියෙන් මෙතෙක් හමුවී ඇති විශාලම අඟහරු පාෂාණය වෙන්දේසියේ විකිණීමට සදබීස් වෙන්දේසි සමාගම තීරණයක් ගෙන ඇත.
“NWA 16,788” නම් මෙම පාෂාණය රාත්තල් 54ක් හෙවත් කිලෝග්රෑම් 25කට ආසන්න බරකින් යුතුය.
2023 වසරේ නොවැම්බර් 16 වැනිදා අප්රිකානු රාජ්යක් වන නයිජර් හී ගම්මානයකින් සොයාගෙන ඇති බව වාර්ථා වේ.
මෙම වෙන්දේසිය ජූලි 16 වැනිදා
අමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වීමට නියමිත අතර අමෙරිකානු ඩොලර් මිලියන 2ත් 4ත් අතර මුදලකට මෙම පාෂානය වෙන්දේසි කිරීමට අදාළ සමාගම බලාපොරොත්තු වේ.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website