ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මට්ටමින් ඉන්ධන බෙදා හැරීමේ අක්‍රමිකතා රට පුරා පෞද්ගලික බස් මෙහෙයුම් වලට බාධා කිරීමට පටන් ගෙන ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
නිසි ලෙස ක්‍රියාත්මක කරන ලද ඉන්ධන කෝටා යාන්ත්‍රණයක් නොමැතිකම නිසා ඉන්ධන සඳහා අසමාන ප්‍රවේශයක් ඇති වී ඇති බව ද ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කිහිපයක් පෞද්ගලික බස් රථවලට ඉන්ධන සැපයීම දිගටම කරගෙන ගිය ද, බොහෝ ඩිපෝ වලින් ප්‍රමාණයත් තරම් ඉන්ධන නිකුත් නොකරන බව ද ඔහු පෙන්නා දුන්නේය. මෙම අසමාන බෙදා හැරීම දැන් නිතිපතා බස් සේවා පවත්වාගෙන යාමේ ප්‍රධාන බාධකයක් ලෙස මතුවෙමින් පවතින බව ඔහු පැවසීය.
දුර ගමන් බස් රථ 1,700ක් පමණ සඳහා කෝටා රාමුවක් සකස් කර ඇති බව වාර්තා වුව ද, එය ක්‍රියාත්මක කිරීම තවමත් අපැහැදිලි බව ගැමුණු විජේරත්න පැවසුවේය.
“ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් දත්ත රැස් කිරීමේ උත්සාහයන් ගෙන තිබුණත් ප්‍රායෝගික හා ස්ථාවර පද්ධතියක් තවමත් ක්‍රියාත්මක කර නැහ” ගැමුණුවිජේරත්න පැවසීය.
බස් හිමියන් දිවා කාලයේ ඉන්ධන පිරවීමට යොමු කිරීම හේතුවෙන් මෙහෙයුම් අභියෝග මගින් ගැටලුව තවදුරටත් උග්‍ර වෙනවා. මේ හරහා නියමිත සේවාවන්ට බාධා කිරීම සහ කාර්යක්ෂමතව අඩු වෙනවා” ඔහු තව දුරටත් පැහැදිලි කළේය.
QR-පාදක පද්ධතිය යටතේ බස් රථයකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 60කට සීමා කර ඇති අතර එය සාමාන්‍ය මෙහෙයුම් පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවන බව ගැමුණු විජේරත්න අවධාරණය කළේය.
“මෙම අයහපත් තත්ත්වය දිගටම පැවතුණොත් ඉදිරි දිනවලදී බස් රථ ධාවනය 50% දක්වා කප්පාදු කිරීමට ඉඩ තිබෙනවා” ඔහු අනතුරු ඇගඟවීය.
“මෙම අර්බුදය වළක්වා ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ප්‍රවාහන අමාත්‍යාංශය කඩිනමින් පියවර ගත යුතුයි. ඉන්ධන බෙදා හැරීම තව දුරටත් අර්බුදයට ගියොත් සමස්ත ප්‍රවාහන පද්ධතියම බිඳ වැටීමට පුළුවන්” ගැමුණු විජේරත්න පැහැදිලි කළේය.














