ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීම ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමත් සමඟ 15%ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවත් අවම බස් ගාස්තුව ලෙස පවතින රුපියල් 28ක මුදල රුපියල් 35ක් ලෙස ඉහළ දැමිය යුතු බවත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අවධාරණය කරයි.
පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව ද එම සංගමය වැඩි දුරටත් පැවසුවේය.
“ඊයේ රාත්‍රියේ සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීට සමගාමීව බස් ගාස්තු ඉහළ දැමිය යුතුයි. බලධාරීන් එයට එකඟ නොවන්නේ නම්, හෙට (23) දිනයේ දී බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට අපි තීරණයක් ගන්නවා” විජේරත්න මහතා ආණ්ඩුවට අනතුරු ඇඟවූවේය.











