පැතුම් නිශ්ශංක 4 වැනි ස්ථානයේ

විස්සයි විස්ස පිතිකරුවන් ශ්රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත් වී ඇත.

එම ලැයිස්තුවේ ප්රථම ස්ථානය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ ක්රීඩක අභිෂේක ෂර් මා සමත් වී තිබෙන අතර එංගලන්තයේ ක්රීඩක ෆිල් සෝල්ට් දෙවැනි ස්ථානයේ පසුවෙති.

නවතම ශ්රේණිගත කිරීම් අනුව තිලක් වර් මා තුන්වැනි ස්ථානයේ පසුවන අතර එංගලන්ත ක්රීඩක ජොස් බට්ලර් පස්වැනි ස්ථානයේ පසුවේ.

එමෙන්ම ශ්රී ලංකා කණ්ඩායමේ තවත් පිතිකරුවන් දෙදෙනකු වන කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් පිළිවෙළින් 9 වැනි ස්ථානය සහ 17 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

ඇම්.ඩී. ධර් මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website