‘පාසල් වෑන් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවලට CCTV සවි කරනවා’ – ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක

ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පාසල් වෑන් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවල CCTV කැමරා සවි කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමාජයේ පවතින කෲරත්වය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් ආරක්ෂා කිරීමට කිසිවෙකු සූදානම් නැති බැවින් මෙම පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම පාසල් ප්‍රවාහන සේවා සඳහා සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා මාර්ගෝපදේශ මාලාවක් ජනවාරි මාසයේ සිට හඳුන්වා දීමට ද කටයුතු කරන බව අමත්‍යවරයා මෙහි දී පැවසීය.

“ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දිනය සනිටුහන් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් සහ කාන්තා කාර්ය මණ්ඩලය අද තැඹිලි පැහැයෙන් සැරසී සිටිනවා. කෙසේ වෙතත්, මෙම තැඹිලි පැහැය රථවාහන ලයිට් වල සංඥාවක් ලෙස මම දකිනවා. ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව අපට ඉක්මනින් රතු එළිය දැල්වීමට සිදුවනු ඇත” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website