පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම මෙවර ජනවාරි මාසය තුළ සිදු කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ පරිත්‍යාගයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් මෙරටට ලබා දී ඇති අතර මේ වන විට එම සියලු රෙදි තොග වරායට ලැබී ඇති බවත් එම නිල ඇඳුම  නිල වශයෙන් භාර ගැනීම 13 වැනි දින අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙම නිල ඇඳුම් ජනවාරි 19 දින සිට කොට්ඨාස කාර්යාල වෙත බෙදා හැරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.

මෙවර පාසල් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා සිසුන් 4,418,404 දෙනකු හිමිකම් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website