පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණය ගැන අධ්‍යාපන අමාත්‍යවරියගෙන් යළි ප්‍රකාශයක්

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අධ්‍යාපන අමාත්‍ය  අචාර්යය හරිනි අමරසූරිය යළි අවධාරණය කළාය.

බිම් මට්ටමේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ නොහැකි බව විශාල විරෝධයක් දැකගත නොහැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරිය පෙන්නා දුන්නාය.

වෙනස්කම් සිදුකිරීමේදී විවිධ අදහස් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වා දුන් ඇය මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පසුගිය වසර පුරාම වෘත්තීය සමිති  සමඟ පමණක් නොව ගුරුවරු සහ විදුහල්පතිවරුන් සමඟ ද සාකච්ඡා කළ බව පැවසුවාය. පාසල් කාලය පැය භාගයකින් වැඩි කිරීමට තීරණය කළේ මෙම සාකච්ඡා මත පදනම්ව බව ද අධ්‍යාපන අමාත්‍යවරිය පැවසුවාය.

සති දෙකකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ වෙනස් කම් සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ආදර්ශ කාලසටහන් ද විදුහල්පතිවරුන් යවා තිබෙන බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website