ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් කටයුතු සීමා කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්වත්මන් පාසල් වාරය අප්‍රේල් 10 වන දින දක්වා පවතින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.
අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පාසල් බදාදා දිනවල පමණක් වසා තබන අතර, සතියකට දින හතරක් අධ්‍යයනය කටයුතු සිදුවන බව අමාත්‍යවරයා පැවසුවේ.
අධ්‍යාපනයේ අඛණ්ඩතාව පවත්වා ගැනීම මෙම තීරණයේ අරමුණ බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේ.














