පාසලට ඇතුළත් කිරීම් සඳහා උප්පැන්න සහතික අවශ්‍යතාවය ඉවත් කිරීම ගැන තීන්දුවක් ?

පාසල් ඇතුළත් කිරීම් සඳහා උප්පැන්න සහතික අවශ්‍යතාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව The Daily Morning පුවත්පතේ වාර්තාව සහන් වේ.

මෙම පියවර මඟින් පන්ති කාමරය තුළ සිටීමට දරුවෙකුගේ අයිතියට එවැනි ලියකියවිලි නොමැති වීම බාධාවක් නොවන බව සහතික කිරීම අරමුණු කරන බව ද එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

උප්පැන්න සහතිකයක් නොමැතිකම හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය අහිමි වීම වැළැක්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යාංශය හඳුනාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිනියක් පැවසූ බවත්, මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය තුළ දැනට අභ්‍යන්තර සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් ඇය පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අන්තර් අමාත්‍යාංශ සාකච්ඡා ඉක්මනින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය The Daily Morning සමඟ පැවසුවාය.

උප්පැන්න සහතිකයක් නොමැතිකම පාසල් ඇතුළත් වීමට බාධාවක් නොවන බව සහතික කිරීමෙන් “පන්ති කාමරයේ සිටීමට” දරුවෙකුගේ අයිතිය ආරක්ෂා කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මෙම සතිය මුලදී ප්‍රකාශ කළාය. උප්පැන්න සහතික ඇතුළු ඕනෑම ලියකියවිලි ආශ්‍රිත ගැටලු පසුව විසඳා ගත හැකි අතර, සෑම දරුවෙකුම පාසලට ඇතුළත් කර ගැනීම සහතික කරන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දීමට අමාත්‍යාංශය අදහස් කරන බව ඇය පැවසුවාය.

ඇතැම් දරුවන් දැනටමත් මාස තුනකට ආසන්න කාලයක් ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලින් පසුගාමීව සිටින බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරයි තවදුරටත් සඳහන් කළ අතර, ප්‍රාථමික අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන සියලුම දරුවන් ප්‍රමාදයකින් තොරව පාසල්වලට ඇතුළත් කර ගන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා වහාම මැදිහත් වීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website