පාර්ලිමේන්තුව අද සිට එළැඹෙන 20 වන දින දක්වා රැස්වීමට නියමිත ය. ක්රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්රව්ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ වන නියෝග අනුමත කිරීම සඳහා වන විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත් වේ. පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
මෙම පාර්ලිමේන්තු සතිය තුළ කිරි ගවයින් ආනයනය කිරීමේ ව්යාපෘතියේ තුන්වන අදියරේ දෙවන පියවර යටතේ කිරි ගවයින් 15,000ක් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ලබාදීමක් පිළිබඳ විශේෂ විගණන වාර්තාව පිළිබඳ විවාදය ද පැවැත්වීමට නියමිතව ඇත. අද ජනාධිපති අනුර කුමාර දිසානායක ද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
කාංචනා
පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වෙයි.








