පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

පාර්ලිමේන්තුව හෙට (අප්‍රේල් 08) රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  තීරණය කළේය.

පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම හේතුවෙන් හෙට (08) පාර්ලිමේන්තුව රැස් නොවීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබිණි.

ඒ අනුව අද දින එළැඹි තීරණයට අනුව හෙට පෙ.ව 9.30 – පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව. 10.00 – පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව.  10.30 – පෙ.ව. 11.00 කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ. 

අනතුරුව පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය  පැවැත්වීමටත් මෙහිදී තීරණය කර ඇත.

තව ද ලබන 9 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා දෙදිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවේ.

මේ අතර එළඹෙන සිංහල – දමිල අලුත් අවුරුදු උත්සවය හේතුවෙන්  අප්‍රේල් දෙවන පාර්ලිමේන්තු සතිය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website