අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) උදෑසන 09.00ට පමණ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි බව වාර්තාවේ.
පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති අතර අල්ලස් කොමිසම විසින් නිකුත් කරන ලද සිතාසියක් අනුව ඔහු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇත.
















