කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (05) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ප.ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් යාපනය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද දින (05) දහවල් 12:13 ට දොඩන්දූව, රත්ගම, යක්කලමුල්ල, අකුරැස්ස, මුල්ගිරිගල, රන්න, කලමැටිය සහ උස්සන්ගොඩ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.














