ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (16) දින පෙ.ව 06.00ට නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය පුද්ගලයින් 643ක් වන අතර අතුරුදන් වූ පුද්ගලයින් 183කි. මේ වන විට පවුල් 483,622කට අයත් පුද්ගලයින් 16,78,022ක් විපතට පත්ව ඇති අතර මේ වන විට ආරක්ෂිත නිවාස 731ක පවුල් 22,348කට අයත් පුද්ගලයින් 70,297 දෙනකු රැදී සිටිති.
නිවාස 6200ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර 96,545ක් අර්ධ වශයෙන් විනාශයට පත්ව ඇත.














